ඔන්න දෙවෙනි ලිපිය විදියට මම ගැන හැඳින්වීමක් කරන්නයි සුදානම් වෙන්නේ, ලියන කෙනාව අඳුරගෙන ඉන්න ඕනේ වෙනවනේ හැමදේටම කලින් ...
මුලිකම අධ්‍යාපනය වයඹ පළාතේ කොබෙයිගනේ පැත්තේ කුඩා පාසලකින් ලැබූ මම, ඉන් පසු කුරුණෑගල මලියදේව විද්‍යාලයට පහ වසර සිශ්වත්වයෙන් පසු ඇතුලත් උනා ,, මේ කාලයේදී පවතින අධ්‍යාපන රටාව පිළිබඳවවත් , කිසිම වැටහීමක් නොතිබුනා මෙන්ම , අධ්‍යනයේ ඇති වැදගත්කම තේරුම් ගොස් තිබුනේ නැ... ඔහේ ගෙවුන ජිවිතේට අලුත් ආරම්බයක් උනේ එක් උනේ ,සාමාන්‍යපෙළ විබාගයෙන් පසුව, වෛද්‍ය වරයෙකු වීමේ සිහිනයක් අවුරුදු දෙක තුනක සිටි පැල් බැඳගෙන තිබුනත් , එකල මගේ මිතුරා ගණිත විෂය දාරාව තෝරාගැනීමත් , එම විෂය හැදෑරීමෙන් පසුව විවුර්ත වන අනාගත මාවත් ගැන පැහැදිලි කිරීමෙනුත් පසුව ගණිත විෂය දරාවම හැදෑරීමට තීරණය කලා .
කොහොම උනත් , උසස් පෙල හොඳින් ගොඩ දමා ගැනීමේ ආසාවක් මුලින්ම ඇති උනත්, පළමු මාස දෙක තුලදීම, එහි ඇති ගැඹුරු බව වැටහීම නිසා යම් කිසි පසුබෑමකට ලක් උනා ... කොහොම උනත් පළවෙනි පාර විබාගය යන්තම් ගොඩ දමාගැනීමෙන් පසු පාසල් ජීවිතයට සමු දුන් මම නැවතත් , ඉංජිනේරු සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන උසස් පෙලට සුදානම් උනත් එවරත් වැට උඩ සිටින ප්‍රතිපලයක් තමයි මා හට ලබාගත හැකි වුයේ..
ුහුණු සරසවියේ ඉංජිනේරු පිඨයට තෙරෙවිදෝ?, තේරුනොත් යනවද? නැද්ද? කියන ගැටලු තුනටම පිළිතුරු සොයාගත නොහැකිව , නැවත වරක් උසස් පෙළ හදරමින් සිටින විට තමයි දැනගන්නට ලැබුනේ මා , රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයට තේරී ඇති බව.. නමුත් ඒ කාලයේ මතයක් තිබුණා වගේම තවමත් තියනවා, රුහුණ ඉංජිනේරු පිඨයට ඇතුලත් වනවාට වඩා, නැවත වරක් උසස් පෙළ විබාගය ලියා ,පේරාදෙණිය හෝ මොරටුව ඉංජිනේරු පිඨයකට ඇතුලත් උනොත් හොඳයි කියන එක.ඔය හේතුව නිසා නැවත වරක් තෙවන වරටත් උසස් පෙළ හැදෑරීමට තීරණය කරගෙන,විබායටත් මාසයකටත් අඩු කාලයක් තියන වෙලාවක අමුතුම දෙයක් සිද්ද උනා.මේ කාලය වන විට සමග දෙවන වර A /L කරපු අයත් විශ්විද්‍යාල වලට ඇතුලත් වෙලයි හිටියේ...
මට බෝට්ටුවක් ලැබුණා පේරාදෙණිය විශ්වවිද්යාලට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි උනාටත් පසුව, එක්තරා විබාගයක් තබනු ලැබුවා රජය විසින් වෛද්‍ය ඉංජිනේරු වරුන් බිහි කිරීමට යම් ඉංජිනේරු පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා එම වසරේ ඉංජිනේරු පීඨ වලට තෙරුනු සිසුන් වෙනුවෙන්. මෙයට කිසිම බල කිරීමක් සිදු නොවුණු අතර අවශ්‍ය අයට පමණක්ම ලිවිය හැකි වගේම,
ප්‍රතිපල ලැබුණු පසු කැමති අයට වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව හැදෑරිය හැකි උනා.. වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව ලෙස හදුන්වනු ලබන්නේ වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන යන්ත්‍ර පිලිබඳ අද්‍යනය කිරීමත්, බිඳුණු අස්ථි හා, ඒ වැනි දේ සකස් කිරීමේ විද්‍යාවත් , ඒ ආශිත බැඳුනු විද්‍යාවක් වේ. ශ්‍රී ලංකාව තුල මෙම විෂය අලුත් විෂයක් උන නිසාත්, එතරම් ප්‍රසිද්ධ නොවූ නිසාත් මේ සඳහා සිසුන් 20ක් පමණ වන ඉතා සුළු පරමාණයක් තෝරා ගනු ලැබුවා. ඇත්තටම මේ සඳහා ඉදිරිපත් වීමට බොහෝ දෙනකු බිය උනා. කෙසේ වෙතත් මා සමග තවත් වෙනසකට කැමති 20 දෙනෙකු මේ විෂය හැදෑරීමට ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම ඉදිරිපත් උනා.
මෙම විෂය ඉංජිනේරු විෂයක් උවත් වෛද්‍ය විද්‍යාවට අදාල යම් යම් කරුණුද ඇතුලත් වනවා... ඒ වගේම, මෙය පවත්වාගෙන යාම ඉංජිනේරු පීඨයකට පමණක් කල නොහැක්කක් උනා.ඒ නිසා කොළඹ ජාතික රෝහල ආසන්නයේ වෛද්‍ය විද්‍යාලයට,ආසන්නව වෙනමම ගොඩ නැගිල්ලක අපේ අද්‍යන කටයුතු අරමඹ උනා,මෙය මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයට අනුබද්ද ලෙස තමයි ක්‍රියාත්මක උනේ,,
වර්ෂයක පමණ අද්‍යන කාලයකින් පසුව, අපට දැන ගන්න ලැබුණා.. මෙම විෂයට, ඉදිරියට ලංකාව තුව උපාධියක් පිරි නොනමන බවටත්, ඉදිරි වසර වලදී කිසිවකුත් මේ සඳහා බඳවා නොගන්න බවටත්... ඉතින් ඔන්න ඔය විදියට අප ලංකාව තුල වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව හැදෑරු ප්‍රථම සහ අවසාන පිරිස උනා ....
ඉන්පසු ලංකාව තුල මේ උපාධිය නැවත දැමු නිසා, අප 20 දෙනාගේද අවසන් වසර දෙක සම්පුර්ණ කිරීමට වියදම් කිරීම අනවශ්‍ය දෙයක් ලෙස සලකා හෝ, අපට වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් , මුලින්ම පස් දෙනෙක්ද , පසුව පහළොස් දෙනෙක්ද ලෙස, සිංගපූරු Nanyang Technological University වෙත යොමු කරනු ලැබුවා.
ඉතින් දැනට මම Nanyang Technological University ුල Electrical with a Second Major in medical engineering උපාදීය හදාරමින් සිටිනවා. මේ උපාධිය සමන්විත වන්නේ විදුලි ඉංජිනේරු විද්‍යාව හා, වෛද්‍ය උපාංග ,වෛද්‍ය යන්ත්‍ර සුත්‍ර , ආදිය නිෂ්පාදනය කිරීමේදී අවශ්‍ය වන විදුලිය පිලිබඳ විද්‍යාවයි, මා විසින් ,electrical තෝරාගනු ලැබුවද, අවශ්‍යනම් Mechanical , Computer හෝ chemical යන විෂයන් වලින් එකක්ද තෝරා ගැනීමට හැකියාව තිබුනා ...
කෙසේ වෙතත් මා සතුටු වනවා,, මගේ මුලික තෝරාගැනීම නිසා ශ්‍රී ලංකාව තුල සාම්ප්‍රදායික ඉංජිනේරු විෂයන් වලින් මීදී, පුළුල් විෂයක් හැදෑරීමට අවස්ථාව ලැබීම පිළිබඳව,
Home » 2014
Google මාමා මාව බ්ලොග් කෙරුවාවෙන් අහෙතුකව පන්නා දැම්මට පසුව යලි කිසිම දිනක බ්ලොග් ලියන්නේ නැ කියල හිතා ගත්තත් නැවතත් බ්ලොග් කෙරුවාවට බහින්න හිතුනා .. කලින් ලියපු බ්ලොග් එක නම් ඉතින් තනිකරම නව තාක්ෂනය පිළිබඳව ලියපු එකක්,, නමුත් අද මේ පටටං ගන්න බ්ලොග් එකේදී ,, කිසිම රාමුවකට කොටු නොවී , හිතට එන හැම දෙයක්ම ලියන තැනක් හැටියට තියා ගන්නයි කල්පනාව ,,,
ඉතින් අයෙත් ආයුබෝවන් .............. !
Followers
About Me
- Hemantha
Powered by Blogger.